ප්‍රාණ-තරඟ අංශ , තේමා සහ කොන්දේසි පිලිබඳ ​විස්තර

                                                                                            





ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයීය සෞඛ්‍ය ප්‍රවර්ධන ස​ංසදය විසින් සංවිධානය කරනු ලබන “ප්‍රාණ 2021” නිර්මාණ තරඟාවලිය සඳහා පහත අංශ වලින් නිර්මාණ දැන් බාරගනු ලැබේ.

තරඟ අංශ , තේමා සහ කොන්දේසි පිලිබඳ  ​විස්තර මෙසේයි.

තේමා 

හොඳම සතුට හිතේ සතුටයි. 

මෙම තේමාව යටතේ මානසික සෞඛ්‍ය යහපත් ලෙස පවත්වාගැනීමට සහ ප්‍රවර්ධනය කිරීම​ට තනි පුද්ගලයෙකු සහ කණ්ඩායමක් වශයෙන් ඔබට ක​ළ හැකි දේ සහ ජීවිතයේ වටිනාකම ඔප්නැංවීමට මානසික සුවතාවය බලපාන අයුරු  පිලිබඳ ඔබේ නිර්මාණශීලි අදහ​ස් ඉදිරිපත් කළ හැකිය


අභියෝග වලට අභි​යෝගයක් වෙමු

අභියෝග යනු ඔබේ ජීවිතය විනාශ කිරීමට පැමිණි සතුරන් නොව ඔබව තවත් ශක්තිමත් කිරීමට හා ඔබේ දිවිය තුල ඔබ නොසිතූ නවමු මංපෙත් විවර කරදෙන මිතුරන් වන්නේය. මෙනයින් අභියෝගයකට සාර්ථකව මුහුණ දෙන්නෙ කෙසේද? අභියෝග පිලිබඳ ඔබ දක්වන ධනාත්මක අදහස් සමාජය හා බෙදාගන්නට නිර්මාණැශීලි ඔබට අවස්ථාව හිමිවේ.


සමාජ මාධ්‍යයට බිලි නොවී ඔබේ දිවියේ තීරණ ගන්නේ කෙසේද ? 

සමාජ මාධ්‍යය ජන මාධ ඔස්සේ ප්‍රචාරය වන සෑම පුවතක් කෙරෙහිම අප අවධා​නය යොමු කල යුතුද ? යතුරු  පුවරුවක්, ඩිජිටල් තීරයක් හෝ රූපවාහිනි තිරයකට ජීවිතයේ අප ගන්නා තීරණ වලට බලපෑම් කරන්නට ඉඩහල යුතුද? සමාජ මාධ්‍ය ජන මාධ්‍ය වල අඳුරු පැතිකඩ අප හ​ඳුනාගත යුතුවන්නේ කෙසේද? එවැනි  ප්‍රචාර​ණ හමුවේ ධනාත්මක ලෙස සිතමින් අසත්‍ය වෙනුවට සත්‍ය ප්‍රචාරය කිරීමටත්, මෙම මාධ්‍ය වල ධනාතම දේවලින් පමණක් ඔබගේ ජීවිතය පෝෂණය කල යුත්තේ කෙසේද? ඔබේ සිතුවිලි බෙදාගන්නටයි මේ ඉඩ හසර..

තරඟ අංශ 

  • පද්‍ය රචනා (කවි 5-6 ත් ප්‍රමාණය නොඉක්මවිය යුතුය.) 

  • නිසදැස් (පද පේලි 11-15ත් නොඉක්මවිය යුතුය)

  • ආදර්ශවත් කෙටි වැකි (වචන 30ක් නොඉක්මවිය යුතුය.)

  • චිත්‍ර (A4 ප්‍රමාණයේ.)


සහභාගි විය හැකි වයස් ඛාණ්ඩ 

  • පාසල් (අවුරුදු 18 ට අඩු )

  • විවෘත (අවුරුදු 18ට වැඩි )

භාශා මාධ්‍යය 

  • සිංහල 

  • දෙමළ

  • ඉංග්‍රී​සි


තරඟ කොන්දේසි 

  • උක්ත තරඟ අංශ යටතේ සඳහන් සීමාකිරීම් වලට අමතර​ව

  • ඔබගේ ඉදිරිපත් කරන නිර්මාණ ධනාත්ම​ක පසුබිමක් සහිත ඒවා විය යුතුය.

  • නොවැ. 05 වෙනි දිනට පෙර පහත ලබා දී ඇති ගූග්ල් පෝරමය හරහා නිර්මාණ අපවෙත ලබාදීමට සලස්වන්න  https://forms.gle/RDpC7B8UCNcYSVdU8

  • තරඟ කොන්දේසි වලට අනුකූලව යොමුකරන ලද නිර්මාණ අප ෆේස්බුක් පිටුවේ ඔබගේ නම ගම සහිතව පළවෙනු ඇති අතර මේ පිලිබඳව ඔබව email හෝ whatsapp පණිවුඩයක් මගින්ද දැනුවත් කරනු ඇත .


ජයග්‍රාහකයින් තෝරනු ලබන ආකාරය 

  • තරඟ අංශ තුනෙහි වයස් ඛාණ්ඩ දෙක යටතේ භාෂා මාධ්‍ය තුනෙන්ම වැඩියෙන්ම likes, shares ලබාගෙන ඇති නිර්මාණය ජයග්‍රාහකයා ලෙස තෝරනු ලැබෙන අතර ඔවුන්ට වටිනා ත්‍යාගයක් පිරිනැමේ.

  • සියලුම සහභාගිත්වයට වටිනා E- සහතිකපත්‍රයක් පිරිනැමේ. 


දිනෙන් දින ඍණාත්මක අඳුරු සෙවණැලි වලින් වැසී යන සමාජ මාධ්‍යය තුල ධනාත්මක වෙනසක් ඇතිකරන්නට, වියැකෙන ජීවිතයකට බලාපොරොත්තුවේ හිරු රශ්මියෙන් එලිය කරන්නට, ඔබගේ එක නිර්මාණශීලි වචනයක් ප්‍රමාණවත් වේවි..


ඉතින් හුස්ම සේ ළෙන්ගතුව , එකතුවෙන්න ප්‍රාණ එක්ක. 

 

සංවිධායක මඩුල්ල 

ප්‍රාණ 2021


Comments

Post a Comment

Popular posts from this blog

Details of the competition themes, categories and conditions